වැස්ස
ඉඩෝරයෙ වේලිච්ච මුඬු බිමට
වහිනවා පොද වැස්ස හිරිවැටෙන සීතලට
අතෝරක් නැතිව මඟ එකදිඟට චුරු චුරුව
හීනියට මකනවා ඉක්ම ගිය නිහඬ බව
ජීවිතේ බොහෝකල් කර්කශව ගෙවී ගිය
ආදරය කරුණාව හිත්වලම සැඟවගිය
විකල් මිනිසුන්ගේ වියලි ගිය හිත්වලට
අනේ වැහපන් වැස්ස
නැවුම් සුවඳක් එක්ක....
