Tuesday, January 24, 2017

වැස්ස

වැස්ස 




ඉඩෝරයෙ වේලිච්ච මුඬු බිමට
වහිනවා පොද වැස්ස හිරිවැටෙන  සීතලට 
අතෝරක් නැතිව  මඟ එකදිඟට චුරු චුරුව 
හීනියට මකනවා ඉක්ම ගිය නිහඬ බව 


ජීවිතේ බොහෝකල් කර්කශව  ගෙවී ගිය 
ආදරය කරුණාව හිත්වලම සැඟවගිය 
විකල්  මිනිසුන්ගේ වියලි ගිය හිත්වලට 
අනේ වැහපන් වැස්ස 
නැවුම් සුවඳක් එක්ක....



No comments:

Post a Comment