නුබ එක්ක ගෙවන්න
ණයට ගත්තු හීන සේරෝම
කොහොමහරි ගෙවනව මං
හැබැයි තනියම..
Oakley
Monday, July 2, 2018
Sunday, October 1, 2017
Tuesday, January 24, 2017
වැස්ස
වැස්ස
ඉඩෝරයෙ වේලිච්ච මුඬු බිමට
වහිනවා පොද වැස්ස හිරිවැටෙන සීතලට
අතෝරක් නැතිව මඟ එකදිඟට චුරු චුරුව
හීනියට මකනවා ඉක්ම ගිය නිහඬ බව
ජීවිතේ බොහෝකල් කර්කශව ගෙවී ගිය
ආදරය කරුණාව හිත්වලම සැඟවගිය
විකල් මිනිසුන්ගේ වියලි ගිය හිත්වලට
අනේ වැහපන් වැස්ස
නැවුම් සුවඳක් එක්ක....
Friday, January 13, 2017
මිතුරේ
මිතුරේ...
හද රිදුම් දෙයි
සවන වියැකෙයි
සෝ සුසුම් හද පාරලා
හඬන තරු කැට ඉකිබිදිද්දී
ඔබේ නෙත් යයි පියඹලා
සවන වැකි ඒ රුදුරු පදවැල්
ගිඟුම් දෙයි මොහොතක් පසා
ඇයිද පෙම් කලෙ විකල් වන්නට
දිවි පෙතම අඳුරක හෙලා
සෙනෙහසින් හද තුරුලු කරගත්
සියල්ලම බොරුවක් කියා
හැඟුනෙ නැතිදෝ
සිතුනෙ නැතිදෝ
මත් වන්ට පෙම් කල එදා
සෝ තැවුල් හද විලම පාරයි
ඔබේ මත් සිත ගැන අසා
කිරිකෝඩු මේ යොවුන් වියෙහිම
මැලවිලා යයි නොපිපීම ඔබ ....
එන්න හැකිනම් ඔබේ ළඟටම
මඟ කියන්නට සුදන ලොවකට ,
ජීවිතේ තව බොහෝ දුර ඇත
විඳවන්න නොව විඳින්නට වග ,
දේවතා එලියක් වෙලා ...
Subscribe to:
Comments (Atom)
